පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය කැදවූ වැඩ වර්ජනය අද උදෑසන සිට දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක විය.
කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, රාගම, මහනුවර, කරාපිටිය, යාපනය ඇතුළු ශික්ෂණ රෝහල් 21ක , මහ රෝහල් හතක හා සෞඛ්‍ය ආයතන 14ක වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥයෝ, ඖෂධවේදීහු, විකිරණ ශිල්පීහු, භෞත චිකිත්සක නිලධරයෝ ඊට එක්වූහ.
රසායනාගාර සේවා, ඖෂධ නිකුත් කිරීම්, එක්ස්රේ , ස්කෑන් පරීක්ෂණ ප්‍රතිකාර කිසිවක් අද සිදුවූයේ නැත.
කොළඹ ජාතික රෝහලේ ද බාහිර රෝගී අංශයේ ප්‍රධාන ඖෂධවේදියාගේ කාමරය ඉබි යතුරු දමා සිල් කර තිබූ අතර බෙහෙත් නිකුත් කරන කවුළු වසා දමා තිබිණි.
පරිපූරක වෛද්‍ය සේවකයන්ට හිමි විය යුතු දීමනා මෙතෙක් නොලැබීම මේ වැඩ වර්ජනයට හේතු වී තිබිණි.