රෝහලට නොගොස් අවුරුදු කන්න උපදෙස්


අවුරුදු සමයේ  බීමතින් රිය නොපදවන ලෙසත්, අධි බලැති රතිඤ්ඤා පත්තු නොකරන ලෙසත් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ  , කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහත්වරු අවවාද කරති.  අනවශ්‍ය ලෙස අනතුරුවලට මුහුණ පා රෝහල් ගතවීම් සිදුවන හෙයින් මේ කටයුතු වලින් වැළකී සිටින ලෙස ඔවුහු කියති.

රතිඤ්ඤා තෝරා ගැනීමේදී සැර අඩු වෙඩි බෙහෙත් අඩු රතිඤ්ඤා පමණක් යොදා ගන්නැයි ඔවුහු ඉල්ලති.