නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 48 වැනි ජනගහණ සංවර්ධන කොමිසමේ මහා සමුළුවට සහභාගීවීමට පැමිණි ශ්‍රී ලංකා ළමා කටයුතු ඇමැතිනී රෝසි සේනානායක මහත්මිය නිව්යෝක් නුවරදී එක්සත් ජාතික පාක්ෂිකයෝ හරසරින් පිළිගත්හ.
ශ්‍රී ලංකාවේ ළමා සංරක්ෂණ කටයුතු මෙහෙයවීම සඳහා ආධාර කිරීමටද ඔවුහු ඉදිරිපත්වූහ.





