රෝයල් පාර්ක් පෙම්වතාට පෝරකය ස්ථිරයි


සිය පෙම්වතිය වූ යුවෝන් ජෙහැන්සන් රාජගිරියේ රෝයල්පාර්කිහි දී මරා දැමූ ශ්‍රාමන්ත ජූඩ් ඇන්තනී ජයමහ ජනපති විසින් නියම කැරෙන දිනයක දී එල්ලුම් ගස් යවනු ඇතැයි මහාධිකරණ විනිසුරු පද්මිණී එන් රණවක මහත්මිය අද ඔහුට දැනුම් දුන්නාය.

අභියාචනාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය ද අනුමත  විය.

ඒ අනුව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඔහු ඉදිරිපත් කළ පෙත්සම ඉවත දැමීය.

කොළඹ මහාධිකරණය ඔහු වරදකරු කරමින් වසර 12ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් පැනවීය. නීතිපති ඊට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑලේ දී අභියාචනාධිකරණය තීන්දු කළේ ඔහු වරදකරු කිරීමට ප්‍රමාණවත් සාක්කි ඇති හෙයින් ඔහුට මරණ දඬුවම නියම කරන බවයි.