රෝමෙට බැංකු ගිණුමක්වත් නැතිලු


විදෙස් රටවල පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලවලින් වැඩිම ‘රට සල්ලි‘ රටට ගලා එන රෝමයේ තානාපති කාර්යාලයට බැංකු ගිණුමක් පවා නොමැති බව තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

සයිප්‍රසය, මෝල්ටාව, ග්‍රීසිය වැනි රටවලින් තානාපති කාර්යාලය නමට එන චෙක්පත් පවා මාරුකර ගැනිමට නොහැකි වි තිබෙනුයේ බැංකු ගිණුමක් නොමැති බැවිණි.

2007 - 2011 අතර කාලසීමාවේදී රෝම තානාපති කාර්යාලයයේ යුරෝ 93000ක මුදලක් ද අතුරුදන්ව ඇතැයි එසැණට වර්ථාවිය.

මේ පිළිබඳව විමසිමේදී විදෙශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියා සිටියේ මුදල් අතුරුදන් වීම ගැන පරික්ෂණ කටයුතු පැවැත්වෙමින් තිබෙන බවයි. තානාපති කාර්යාලය නමට ගිණුමක් නොමැතිවීම ගැන සොයා බලන බව ද ඒ මහතා  පැවසීය.