වසර 10 කටත් අධික කාලයක් පැරැණි මානසික රෝහලක පවත්වාගෙන යන රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අබලන් තත්වයක පවතින බව ශ්‍රි ලාංකිකයෝ මෙන්ම තානාපති කාර්යාල නිළධාරයෝ පවසති.
නොයෙක් දිනවල සිය ගණනක් සේවා ලබා ගැනිමට පැමිණියත් ඔවුන්ට තානාපති කාර්යාලයයේ රැදි සිටිමට ඉඩකඩ මදි බවත් එ අසල ඈති පදික වේදීකාවේ රෑදි සිටින ශ්‍රි ලාංකිකයින් නිසා ඉතාලි ජාතිකයින්ද මහත් අපහසුතාවයට පත් වන බවත් එහි නිළධාරියෙක් පැවසීය. නියෝජ්‍ය තානාපති රානි බුලත්වෙල මහත්මිය ලංඩන් නුවර සිට එසෑණට කියා සිටියේ අබලන් ගොඩනෑගිල්ල නඩත්තු කිරිමද හිමිකරුවන් විසින් අතහැර දමා ඈති බවය.
කාණු පද්දතිය අවහිර වි ඇති බවත් එබැවින් ඇතැම් ස්ථාන ගිලා බැසිමට ඉඩකඩඇති බවත් මෑතකදී නිළධාරියෙකුගේ හිස මත විදුරුවක් පවා කඩා වැටුණු බවත් මේයට පෙර නව ගොඩනැගිල්ලක් මිලදී ගැනිම සදහා හිටපු තානාපතිවරයකු උත්සහා දරා ඇතැත් කුමනයම් හෝ හේතුවක් මත එය මගහැරි ඇති බවය.
මාසික කුලිය මත ගොඩනැගිල්ලක් ගන්නාවාට වඩා අපේම තැනක් මිලදී ගෑනිමට හෑකිනම් එය වටීනා බව ඇය කීවාය. විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියා සිටියේ නව ගොඩනැගිල්ලක් මිලදී ගැනිම සදහා නව තානාපතිට උපදෙස් දෙන බවයි.

