රෝමියෝ ජුලියට් පෙම් පුවත අදත් රැව් පිළිරැව් දේ


ලෝක ප්‍රසිද්ධ රෝමියෝ ජුලියට්ගේ ආදර කතාව ලියවුන   වෙරෝනා නගරයේ රෝමියෝ දනින් වැටී ආදරය ඉල්ලූ ජුලියට්ගේ නිවසට ඇතුළු වීමට ඇත්තේ චුවින්ගම් ගුහාවක් තුළිනි.

එහි  තමන්ගේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නම සදහන් කර ඇලවීමෙන් ඔහු හෝ ඇය තමන්ට හිමි වෙන බවට මෙහි පැමිණෙන පෙම්වත්හු   විශ්වාස කරති.

අදද  ඉබි යතුරු රැගෙන එහි පැමිණෙන පෙම්වත්හු රෝමියෝ ජුලියට්ගේ මිදුලේ  ඇති දොරටුවෙහි  ඉබ්බා දමා යතුර විසිකරන්නේ ඔවුනොවුන්ගේ ආදරය ශක්තිමත් වන බවට විශ්වාස කරමිනි.

ජුලියට්ගේ සිටු මැදුර ඉදිරිපස ඇයගේ පිළිරුවකි. එහි  යන පෙම්වත්හු  ජුලියට් පිළිරුව අභියස සිට ඡායාරූප ගනිති.

ජුලියට්ගේ සිටු මැදුරට යන එන මග දෙපස විවිධ  ඇදුම් ඇදගත් අපුරු මිනිසුන් දැකිය හැක. බොහෝ විට ඔවුන් සිටින්නේ එකම ඉරියව්වෙනි.   ඔවුන්ට යුරෝ කාසියක්  හෝ කිහිපයක් ලබා දුන් විට විවිධ ඉරියව් වෙනස් කරමින් මිනිසුන් සිනහ ගන්වති. එය ඔවුන්ගේ රැකියාව වන අතර ඔවුන් සමග සිට ඡායාරූප ගැනීමට නම් මුදල් දිය යුතුය. 

ක්‍රිස්තු පුර්ව 3 වන ශතවර්ෂයේ  රෝම අදිරාජ්යයේ  උතුරු ඉතාලියේ මුලස්ථානය වුනේ මේ වෙරෝනා නගරයයි. වෙරෝනා නගරය විශාල කදු පන්ති වලින් ස්වාභාවිකව ආරක්ෂා  වී ඇති අතර මෙහි ප්‍රධාන  ආදායම් මාර්ගය කෟෂිකර්මාන්තයයි.   වෙරෝනා නගරය කර්මාන්ත පුරවරයක් ද වන අතර ඉතාලියේ වයින් වලට වඩාත්ම ප්‍රසිද්ද  මෙම නගරයයි.

වෙරෝනා නගරය පසෙකින් ඇඩිගේ නදිය මනරම්ව ගලා බසී.

වෙරෝනා නගරයේ රෝමයේ කොලෝසියම වැනි  අතීතයේ සටන් හා  උත්සව පැවත්වු තපු විශාල රග  බිමක් ඇති අතර  අදටත් එහි උත්සව පවත්වති.

ජුලියට්ගේ සිටු මැදුර

 

ජුලියට්ගේ ප්‍රථිමාව

චුවින්ගම් ගුහාව

 

ජුලියට් පිළිරුව අසල ඇති ඉබි යතුරු දමන දොරටුව

වෙරෝනා නගරයේ ඇති රංග පීඨය

වෙරෝනා නගරයේ තැන තැන සිටින අපුරු මිනිසුන්

 

සුප්‍රකට ඇඩ්ගේ නදිය