ජංගම දුරකතනයට රෝමින් පහසුකම ලැබූ පුද්ගලයකු විසි හතර පැයකදී රුපියල් තිස් දෙලක්ෂයක දුරකතන බිලක් නොගෙවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශයෙන් පරීක්ෂණ පවත්වන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී කියැවිණි.
මහනුවර දිගන පදිංචි මුජහිදීන් මොහොමඩ් මෂාරෆ් එම දුරකතන බිල නොගෙවූ බවත්, විසි හතර පැයකට අඩු කාලයකදී ඇමතුම් 501ක් ලබාගෙන ඇති බවත් දුරකතන සමාගම අධිකරණයට දැන්වීය.
සැකකරුගේ නීතීඥවරයා උසාවියට දැන්වූයේ ඔහු සිම් කාඩ්පත ඉතාලියේ වාසය කරන ඔහුගේ නෑයකුට දුන් බවයි.
ඔහු එම සිම් කාඩ්පත කිසි දිනක පාවිච්චි නොකළ බව ද කියයි.
එහෙත් සමාගම කියා සිටියේ තෙවැනි පාර්ශවයකට සිම් කාඩ්පතක් දිය නොහැකි බවයි.
ඔක්තෝබර් පළමුවැනිදා සැකකරුට චෝදනා ගොනු කරන්නැයි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලිසියට දැන්වීය.

