රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයෙන් එරට ශ්‍රී ලාංකිකයනට සිදුවන අඩුපාඩු කම් නැති කිරීමට හෙට (17) උද්ඝෝෂණයක් පවත්වන බව රෝමයේ ශ්‍රි ලංකා සංවිධානයේ සභාපති ආනන්ද සෙනෙවීරත්න මහතා කියයි.
ඉතාලි පුරවැසිකම ලබා ගත් ශ්‍රි ලාංකිකයකූගේ නමින් මෙම උද්ඝෝෂණය සඳහා එම රජයෙන් අවසර ලබා ගත් බවත් ඔහු කියයි.
සෙනවිරත්න මහතා පැවසුවේ මේ සඳහා අවසර ගැනීමේදී රෝම බෞද්ධ විහාරස්ථානයේ ලිපිනය හෝ ථෙරවාදී බෞද්ධ සංගමයේ නම අනවසරයෙන් භාවිතා කර නැති බවයි.
මොල්ලිගොඩ ධීරානන්ද හිමියන් පවසනුයේ ඉතාලි විදේශ අමාත්‍යංශයෙන් තානාපතිට කළ දැනුම් දීමකට අනුව විහාරස්ථානයේ ලිපිනයත්, ථෙරවාදී බෞද්ධ සංගමයේ නමත් අනවසරයෙන් භාවිතා කර ඇති බවයි.
මේ ගැන විමසීමට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා සම්බන්ධකර ගැනීමට ගත් උත්සහාය ව්‍යාවර්ථ වූ බව ද ආනන්ද සෙනෙවීරත්න මහතා කියයි.