රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතාගේ රාකාරි බ්‍රහස්පතින්දායින් (21) අවසන් වීමට තිබුණ ද නව තානාපතිවරකු පත්කරන තෙක් දිගටම රාජකාරි කරන ලෙස විදේශ අමාත්‍යංශය අද ඒ මහතාට ලිපියකින් දැනුම් දුන් බව තානාපති කාර්යාල ආරංචි කියයි.
නව තානාපතිවරයකු පත් කරන තුරු එම තනතුරේ රාජකාරි කරන ලෙස අසිත පෙරේරා මහතාට දැන් වූ බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා මීට ටික වේලාවකට පෙර තහවුරු කළේය.
පසුගිය 17 වැනිදා අසිත පෙරේරා මහතා ‘එසැණට‘ කීවේ තමා බ්‍රහස්පතින්දා (21) රාජකාරි අවසන් කරන බවයි.
විදේශ අමාත්‍යංශයේ ඉල්ලීම පිළිගනිමින් දිගටම රාජකාරි කරන්නේ ද යන්න දැන ගැනීමට අසිත පෙරේරා මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.