රෝමයට අවුත් හිස් අතින් යති


නොයෙක් අවශ්‍යතාවයන් සඳහා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඊයේ (8) ආ විශාල පිරිසකට පැය ගණනක් එහි රස්තියාදු වීමට සිදු වූ බව තානාපති ආරංචි මාර්ග කියයි. තානාපති අසිත පෙරේරා සහ ගෝතමී ඉද්දකඩහේන මහත්මිය ලෝක ආහාර වැඩ සටහනනේ රැස්වීමකට ගොස් සිටි අතර ලියවිලි අත්සන් කිරීමේ බලය පැවරෑ නිලධාරිනිය හදිසියේ කාර්යාලයෙන් පිටව ගොස් සිටි නිසා කිලෝමීටර් සිය ගණනක් දුරින් පිහිටි පලෙර්මෝ හා සිසිල් නගරවල සිට කුඩා දරුවන් ද සමග  ආ පිරිස් මෙසේ අපහසු තාවට පත්වූ බව ඔවුහු කියති.

ඇතැම් පිරිස් හට තමන් වෙන් කර ගත් ගුවන් යානාවලට යෑමට නොහැකි නිසා රාත්‍රිය ගුවන්තොට ගත කිරීමටත් තවත් අමතර මුදලක් ගෙවා වෙනත් යානයකින් යාමට සිදු වූ බවත් කියති.