රෝම පුරප්පාඩු ඉක්මනින් පුරවනවා


ඉතාලියේ රෝම අගනුවර තානාපති කාර්යාලයේ ප්‍රධාන තනතුරු පහ ඉතා ඉක්මණින් පුරවන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා එසැණට ප්‍රකාශ කළේය.

නව තානාපතිවරයකු පත් කරන තුරු ඉන් කෙනෙකු වැඩ බැලීමට පත් කිරීමට ඉඩ ඇති බවත්, එතෙක් වැඩ බැලීමට සුදුසුකම් ඇති කෙනෙකු රෝමයේ නැති බවත් තම අදහස යැයි ද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය තානාපති තනතුර ඇතුළු ප්‍රධාන තනතුරු හතරක් මාස කිහිපයක සිට පුරප්පාඩු වී ඇත.

තානාපති අසිත පෙරේරා මහතා ද අමාත්‍යංශයේ කැඳවීම අනුව සිය රට ඒමට සූදානමින් පෞද්ගලික බඩු බාහිරාදිය නැව් ගත කර ඇත.

ඔහු වෙනුවට නව තානාපතිවරයකු ජනපති ලේකම් කාර්යාලයෙන් මෙතෙක් පත් කර නැතැයි ද ලේකම් කීවේය.