රෝම නිදහස් උත්සවයට නිදහසක් නෑ


රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලය මගින් පවත්වන 65 වන නිදහස් උළෙල රෝම බෞද්ධ විහාරස්ථානයේ දි පෙබරවාරි 4වන පැවැත්වීමට නියමිතය.  නිදහස් දින සමරු පැවැත්වෙන ස්ථානය පිළිබඳව රෝමයේ තවත් පිරිසක් තම  විරුද්ධත්වය ප‍්‍රකාශකොට තිබේ.  ඉතාලියේ ඵ්කාබද්ධ සිංහල සංවිධානයේ සභාපති රෝමයේ ධර්මාශෝක වීහාරාධිපති ධඹදෙනියේ ධමිමාරාම හිමියෝ ඵසෑණ සමග මෙසේ පැවැසූහ.

අපි කියන්නේ නිළ රාජ්‍ය උත්සවය තානාපති කර්යාලයේ පැවැත්වීය යුතු බවයි. ඵතැන හැමෝටම සහභාගි වෙන්න පුලුවන් පොදු තැනක්. අපි සංවිධාන කිහිපයක් ඵකතුවෙලා මේ ගැන අපේ විරුද්ධත්වය ප‍්‍රකාශ කළා. මීට පෙර මේ විදියට නිදහස් උත්සවයක් පිට තැනක සිදුවෙලා නැහැ. තානාපති කර්යාලයයේ ප‍්‍රධාන නිළධාරිනියක් වන ගෝතමි ඉදිකඩහේන මහත්මියත් නිදහස් උත්සවය වර්ජනය කරන බව දැන ගන්නට තියෙනවා.

අපේ හාමුදුරුවනේ මෙවර නිදහස් උත්සවය පවත්වන්නේ රෝමයේ බෞද්ධ වීහාරස්ථානයක ඔබ වහන්සේ කියන විදියට, පන්සලකට යන්න බැරි තරමට රෝමයේ ජිවත්වන ශ‍්‍රි ලාංකිකයින් බෙදිමකටලක්වෙලාද?                                                                                                                    

ඇත්තම කියනවානමි ඵහෙම බෙදිමකට ලක් වෙලා.

රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයයේ අමාත්‍ය වෙළද කළමනාකරණ උපදේශිකා ගෝතමි ඉදිකඩහේන මහත්මිය මෙසේ කීවාය.  මගේ රාජ්‍ය සේවය වසර  25යි.  දෙරටක රාජ්‍ය දුතමණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළා.  මම කිසිම දවසක වැරදි වැඩවලට අනුබල දීලා නැහැ. ඵ් වගේ දේකට සහභාගි වෙලත් නැහැ. නිදහස් උත්සවය තානාපති කර්යාලයේ පවත්වනවා නම් අනිවාර්යෙන්ම මම ඵ්කට සහභාගි වෙනවා.  තානාපති කර්යාලයේන් පිට නිදහස් උත්සවයක් මම දැක  නැහැ. සියලු දෙනාටම ඵකට සහභාගි වීය යුතූ පොදු තැනකයි අපි නිදහස් උත්සවය පැවැත්විය යුත්තේ. ඵ් නිසා මෙම උත්සවයට සහභාගි වීම පිළිබඳව දෙවරක් සිතන්න ඕනෑ.                

නිදහස් උත්සවය පැවැත්වීමට නියමිත රෝම බෞද්ධ වීහාරස්ථානයේ වීහාරාධිපති  මොල්ලිගොඩ ධිරානන්ද හිමියෝ ඵසෑණට මෙසේ කීහ.

තානාපති අසිත පෙරේරා මහතා අපෙන් ඉල්ලිමක් කලා නිදහස් උත්සවය පවත්වන්න පන්සල් භූමිය ලබාදෙන්න කියලා. අපි ඵකට කැමැත්ත දුන්නා. ජනාධිපතිතූමන්ගේ අවසරය පිටයි ඵතූමා අපේ පංසලේ නිදහස් උත්සවය පවත්වන්නේ. ජාතික නිදහස් දින සමරු තානාපති කර්යාලයේම තියන්න ඔන කියලා නීතීයක් තියෙනවාද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ජනාධිපතිතූමන් ඇතූලු මැති ඇමතිවරුන් සහභාගි වන නිළ නිදහස් උත්සවය රටේ නොයෙක් නගරවල පවත්වනවා.  රෝමයේ මෙකට වීරුද්ධ පිරිස් තානාපති තූමන්ට ඵදා ඉඳලම හිරිහැර කලා. ඵතුමන්ව එලවන්න ජනාධිපතිතූමා ඉතාලියට ආපු වෙලාවේ පෙත්සමි පවා බාරදුන්නා.  තමන්ට වැඩක් නැති කිසිම නිළධාරියකුට මෙහි ඇතැම් පිරිස් ඉන්න දෙන්නේ නැහැ. ඔවුන්ගේ ක‍්‍රියාවන් අපට වැදගත් නැහැ. අපේ වැඩේ අපි කරනවා.                                                      මේ සම්බන්ධයෙන් තානාපති අසිත පෙරේරා මහතා දුරකථනයෙන් සම්බන්ධ  කර ගැනිමට උත්සහා එය අසාර්ථක විය.