රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම සඳහා අවසර ගත් ආකාරය ගැන රෝමයේ ශ්‍රී ලාංකික වැසියන් අතර මත බේදයක් හටගෙන ඇත. තානාපති කාර්යාලයෙන් සිදු වෙතියි කියන ඇතැම් අඩුපාඩු කම් ගැන විරෝධතා දැක්වීමට ලබන ඉරිදා පැවැත්වෙන එම උද්ඝෝෂණයට ඉතාලි රජයෙන් අවසර ලබා ගෙන ඇත. තම විහාරස්ථානයේ ලිපිනය පාවිච්චි කරමින් අවසර ගත් බව කියතත් තමන් එවැනි අවසරයක් ගෙන නැතැයි බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද හිමියෝ කියති. ඒ සම්බන්ධයෙන් ඉතාලි එකාබද්ධ ශ්‍රී ලාංකික සංගමයේ අනුශාසක දඹදෙණියේ ධර්මාරාම හිමියන්ගෙන් කළ විමසුකදී ඒ හිමියන් පැවැසුයේ අවසර ගත් ආකාරය ගැන තමන් කිසිවක් නොදන්නා බවයි. මේ ගැන විමසීමට රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහාය අසාර්ථක විය.