ඉතාලියේ රෝම නගරයේ ධර්මාශෝක විහාරයේ 2013 වසරේ වෙසක් උත්සවය විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක දඹදෙනියේ ධම්මාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් මැයිමස 11 වැනිදා සිට විවිධ පිංකම් මාලා ඔස්සේ ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවත්විණි.
ඒ අතර විචිත්‍ර ධර්මදේශක උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ධර්මදේශනයක්ද , ලේ දන්දිමේ වැඩසටහනක්ද, දාන , ශීල, භාවනා වැඩසටහන්ද, අසූ මහාශ්‍රාවක පූජාවක්ද විය. ධර්මාශෝක විහාරයේ තරුණ කැල විසින් ඉදිරිපත් කරනලද පැටව් 93න් යුත් මහා වෙසක්කූඩු රාජයාය ඉතාමත් දර්ශනීය ආමිස පූජාවක් විය.
වීඩියෝ -ඉසුරි ලුනුගල