රෝද පුටු ටෙනිස් ලෝක කණ්ඩායම් ශූරතාවලියේ පළමු වටයේ පැවති කණ්ඩායම් අංශයේ තරගයකින් ක්‍රෝෂියා පිල තරග වට 3 - 0 ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් පිල නියෝජනය කරන උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක සමත්වූහ.
මේ මස 20 වැනිදා සිට 26 වැනිදා දක්වා තුර්කියේ ඇන්ටාලියාහිදී පැවැත්වෙන මෙම තරගාවලියේදී රටවල් 28 නියෝජනය කරමින් කණ්ඩායම් 52 ක් කාණ්ඩ 4 ක් යටතේ තරග වදිති.
එම කාණ්ඩ වලින් කාන්තා සහ කණිෂ්ඨ අංශ වල පසුගිය වසරේ ශූරයන් වන්නේ නෙදර්ලන්තයයි. පිරිමි අංශයේ පසුගිය වසරේ ශූරතාව ප‍්‍රංශය විසින්ද, මිශ‍්‍ර කණ්ඩායම් අංශයේ පසුගිය වසරේ ශූරතාව ඊශ‍්‍රාලය විසින්ද හිමිකරගෙන තිබේ.
තරග ප‍්‍රතිඵල
- ශ්‍රී ලංකාව විසින් ක්‍රෝෂියාව පරාජය කරනලදී. (3/0)
- උපාලි රාජකරුණා විසින් මික්සි ඩාසන් පරාජය කරනලදී. (6/1), (6/3)
- ගාමිණී දිසානායක විසින් අන්තෝ ජෝකි පරාජය කරනලදී. (6/1), (6/2)
- උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක විසින් අන්තෝ ජෝකි සහ මික්සි ඩාසන් පරාජය කරනලදී. (6/2), (6/3)
(*)