රෝද පුටු ටෙනිස් ජාත්‍යන්තර තරගාවලිය අද ඇරඹෙයි


රෝද පුටු ටෙනිස් ජාත්‍යන්තර තරගාවලිය කොළඹ එස්. එස්. සී. ටෙනිස් පිටියේදී අද (25 වැනිදා) ආරම්භ විය. මෙම තරගාවලිය 27 වැනිදා දක්වා පැවැත්වේ.

කොළඹ සිංහල කී‍්‍රඩා සමාජය (එස්. එස්. සී.) විසින් 4 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා මෙවර දේශීය සහ විදේශීය ක‍්‍රිඩකයින් 32 ක් සහභාගීවීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියොජනය කරමින් තරගාවලියට සහභාගී වන කණ්ඩායමට අන්තර්ජාතික තරග අත්දැකීම් හිමි උපාලි රාජකරුණා, ඞී. එම්. ගාමිණි සහ කේ. එස්. පෙරේරා යන කී‍්‍රඩකයින්ද සමගින් කී‍්‍රඩකයෝ 16 දෙනෙක් ඇතුළත් වෙති. ජගත් වැලිකල සහ පී. එස්. කුමාර යන මහත්වරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති.
මෙම තරගාවලියට සහභාගීවන කී‍්‍රඩකයින්ට, අන්තර් ජාතික ශ්‍රේණිගත කිරීම් වල, ප‍්‍රසාද ලකුණු සටහනේ තම ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණය වැඩිකර ගනිමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත රෝද පුටු ටෙනිස් ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් විය හැකි බව සංවිධායක කමිටුව පවසයි.

මෙවර තරගාවලියට අනුග‍්‍රාහකත්වය ලබා දීම සඳහා ඞීමෝ අයතනය සහ ලංකා බැංකුව ඉදිරිපත්වී සිටී.

**