
(සුජිත් හේවාජුලිගේ )
සායන පවතින ප්‍රදේශවලට යෑමට අපහසුතා ඇති රෝගීන්ට සායන ඖෂධ නිවෙස් වලටම ගොස් ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ සඳහා රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

