වැලිකන්ද සෙවණපිටියයේ ගොවිබිමක රෝගී තත්ත්වයෙන් වැතිර සිටින අලියකු හමුවූ බව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් කියයි. නැගිටිමට නොහැකිව ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුවන අලියා වයස අවුරුදු 35ක පමණ විය හැකියැයි ද ඔවුහු කියති. අලියාගේ ජීවිතය බේරාගැනීමට ගැමියෝ උත්සාහ කරති. වනජීවී පශු වෛද්‍යවරු ද අලියාට ප්‍රතිකාර ලබාදීමට සූදානම්ව සිටිති.



