රෝගියාගේ කොට්ටයෙන් මන්නයක් එළියට අදී


කොට්ටේ අස්සේ මන්නයක් සඟවාගෙන පොල්ගස්ඕවිට වෑතර රෝහලට ආ පුද්ගලයකු වෛද්‍යවරියකට හා රෝහල් සේවකයනට මන්නය එල්ල කරද්දී ඔවුන් දිව ගොස් බේරුණු බවත් සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොල්ගස්ඕවිට පොලිසිය කියයි. දුවද්දී වෛද්‍යවරිය ඇද වැටී තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි කියයි. අසනීපයෙන් පසුවන බවත් ප්‍රතිකාර සඳහා රෝහල් ගත වීමට අවශ්‍ය බවත් කියමින් රෝහලට ආ සැකකරු එකවරම කෝට්ටයෙන් මන්නයක් එළියට ඇද පහර දෙන්නට උත්සහ කර ඇතැයි රෝහල් ආරංචි කියයි. රෝහලට ස්ථිර පොලිස් මුර පොළක් දෙන ලෙස එහි සේවකයෝ බළධාරීන්ගෙන් ඉල්ලා සිටියි.