නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජනාධිපති නීතිඥ ආචාර්ය රොහාන් පෙරේරා සිය ධූරයේ අද (20) වැඩ භාරගත්තේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා සිතැඟි නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම තම අරමුණ බව ඔහු එසැණ සමග ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිවාදියකු ලෙස නොව ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව ඇති කිරීමේ කටයුත්තෙහි වැදගත් කොටස්කරුවකු ලෙස ශ්‍රී ලංකා රජය සලකන බවත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු මුළු සංවිධානය සමගම තමා සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම පැවසීය.
ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශාරදයකුවන ආචාර්ය රොහාන් පෙරේරා වසර තිහකට අධික කාලයක් තිස්සේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නීති උපෙද්ශක වශයෙන් කටයුතු කර ඇත. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සාමාජිකයකු වූ පෙරේරා මහතා දැනට ත්‍රස්තවාදය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සභාපතීත්වයද උසුලයි.
නීතිය පිළිබඳව පොත්පත් සහ ලිපි ලේඛන රැසක් ලියා පළකොට ඇති ඒ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි.


