හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකවරයකු ලෙස කටයුතු කළ රොෂාන් මහානාම මහතා සිය ධන පරිත්‍යාගයෙන් ඉදිකළ වවුනියාව බෝගස්වැව වෙහරතැන්න පිහිටි රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලයට පසුගියදා නවක සිසුන් ඇතුළත් කරගන්නා ලදි.
පළමු වැනි වසරට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා පසුගිය 11 වැනිදා පැවැති උත්සවයට රොෂාන් මහානාම මහතාද සහභාගි විය. පළමු ශ්‍රේණිය සඳහා සිසුන් 14 දෙනකු එදින ඇතුළත් කරගන්නා ලද බවත් තවත් සිසු සිසුවියන් 24 දෙනකු පොරොත්තු ලේඛනයේ සිටින බවත් විදුහල්පති ටී.ඩී.ඒ. ක්‍රිෂාන්ත කුමාර ජයසූරිය මහතා පැවසීය.
පසුගිය වසරේ ජූනි 14 වැනිදා විවෘත කරන ලද මෙම පාසල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 27 ක පමණ මුදලක් වැය කෙරිණ. පාසල් ගොඩනැගිල්ලේ සියලු ඉදිකිරීම් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදු වූ අතර එය විවෘත කිරීමේ අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතාද සහභාගී විය.
මෙම විදුහල් ගොඩනැගිල්ල නම්කර ඇත්තේද රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලය නමිනි.





