රොටරි සභාපති කේ ආර් රවීන්ද්‍රන්


ජාත්‍යන්තර  රොටරි  සමාජයේ  සභාපති ලෙස තේරි  පත්වු  කේ.ආර්.රවීන්ද්‍රන් මහතාට  විශේෂ උපහාර  පිදිමක්  අගමැති  රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන්  කොළඹ හිල්ටන්  හෝටලයේ දී  පැවැත්විණි.

රවීන්ද්‍ර මහතාට  සුබ පතමින් අගමැති විශේෂ දේශනයක් ද පැවැත්වීය.  මුදල්  අමාත්‍ය  රවී  කරුණානායක, හින්දු  ආගමික කටයුතු  හා  බන්ධනාගාර  ප්‍රතිසංස්කරණ ඇමැති ඩී.එම්.ස්වාමිනාදන්  අමාත්‍යවරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට  එක්වුහ.

ඇමරිකා එක්සත්  ජනපදයේ  චිකාගෝ  නුවර  පිහිටි  රොටරි  මුලස්ථානයේ දී  ශ්‍රි  ලංකා  ධජය ඔසවා  තබන අතර  රවීන්ද්‍ර  මහතා  සහභාගී  වන ලෝකයේ ඕනෑම රටක රොටරි උත්සවයක මෙරට ජාතික ගීයද වාදනය කෙරේ.

B37A0591 B37A0618 B37A0624 B37A0639