රොටඹ රසිකගේ සිර කුටියෙන් දුරකතන හමුවේ


(ඉන්දිකා රාමනායක)

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටින රොටඹ රසික නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සිර මැදිරියේ බිත්තියක සඟවා තිබූ නවීන පන්නයේ ජංගම දුරකථනයක් සහ උපාංග විශේෂ කාර්ය බළකාය විසින් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මේවා බිත්තියේ කුහර තුළ සුක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

සඟවා තිබූ ජංගම දුරකථනයක්, සිම්පතක්, දුරකථන චාජර් 03, ඩේටා කේබල් 03 ක් සොයාගෙන ඇත.

රොටඹ රසික නැමැත්තා මිනිමැරුමක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා දඬුවම් විඳින පුද්ගලයෙකි .