බේරුවල මාගල්කන්ද රොක්ලන්ඩි හංදියේ දුමිරිය බස්රිය ගැටුමෙන් විසිහත් දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් සිව් දෙනෙකු බර පතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බව එහි සිටි පොලිස් නිලධරයෙක් කීය.
අහුවුනු, අහුවුනු වාහන වලින් තුවාල කරුවන් බේරුවලටත් නාගොඩටත් යැවූ බවද කීය.
නාගොඩ රෝහලට ගිලන් රථ වලින් සහ වෙනත් වාහන වලින් 10 යකට වැඩි පිරිසක් ගෙන ආ බවත් තවත් තුවාලකරුවන් ගෙනෙන බවත් වෙද්‍යවරුන් පැවසූ බව එහි සිටින අප වාර්ථාකරුවෝ කියති.