රොක් කන්ද රක්ෂිතයේ ගින්න තවත් පැතිරේ


(ප්‍රසාද් රුක්මල් )

ඇල්ල රොක් කන්ද වන රක්ෂිතයේ  ඊයේ පස්වරුවේ හටගත් හදිසි ගින්නෙන් අක්කර 50 ක පමණ කොටසක් විනාශ වී ගොස් පවතින දැඩි සුලං සමග ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වයත් සමඟ කිසිවකු  ඇල්ල රොක් කන්දට ගිනිතබන්නට ඇති බවත් පොලිසිය සැකකරයි.

සුලං සමග ගින්න වනරක්ෂිතයේ සීග්‍රයෙන් පැතිර යමින් පවතින අතර , ගින්න නිවා දැමීමට දියතලාව යුදහමුදා කදවුරේ නිලධාරීන් , ගුවන් හමුදා නිලධාරීන් වනජීවි නිලධාරීන් ,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් , ආපදා නිලධාරීන් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිසිය එක්වී දැඩි වෙහෙසක් ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

කදු බෑවුම් සහිත රක්ෂිතයේ මෙසේ ගින්න පැතිර යමින් පවතින අතර එම ස්ථානය ට ලගා වීමට අපහසු බවත් එහි ප්‍රකාශයකු කීය .