රේසිං කාර් ශුරයාට වංචා නඩුවක්


නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරිම සඳහා 2008 දී  ජපන් ජාතිකයෙකුගෙන් ඇමෙරිකා  ඩොලර් හය ලක්ෂයක් (රුපියල් අටකෝටි පනස් නව ලක්ෂ දහඅට දහස් හත්සිය හැත්ත දෙකක් ) වංචා කළැයි රේසිං ශුරයකු වන ඩිලන්ත මාලගමුව හා  තවත් දෙදෙනෙකුට ලබන 18 වැනි දා  අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය.