රේස් කප්පිත්තෙක් හොරණින් අල්ලයි


ධාවන තරඟවලට යොදා ගන්නා යතුරු පැදි දෙකක් දොම්පේ තිත්තපත්තර ප්‍රදර්ශනාගාරයකින් සොරකම් කළැයි කියන යතුරුපැදි ධාවන ශූරයකු අත්අඩංගුවට ගත් පොලිසිය සීසී 1000 හා සීසී 400 යතුරු පැදි දෙක ද සොයා ගෙන ඇත.

යතුරු පැදි දෙකේ වටිනාකම රුපියල් විසි ලක්ෂ පනස් දහසක් බවත්, තවත් තිදෙනකු හා වෑන් දෙකක් සොයා ගැනීමට නියමිත බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා යතුරුපැදි ධාවන තරඟ වලින් පදක්කම් හා ශූරතා 20කට අධික ප්‍රමාණයක් ලබා ගත් අයෙකියි කියති.