බේරුවල රේස් බයි රේස් ඔට්ටුපොළකට අද (06) අලුයම 3ට පමණ පිස්තෝල තුනක් හා පිහියක් රැගෙන ඇතුළු වු පිරිසක් ආරක්ෂකයා පුටුවකට බැඳ සේප්පුවේ තිබු රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න මුදලක් හා කලමණාකරුගේ ජංගම දුරකථනයක් ද සීසීටීවී කැමරාවේ කොටසක් ද රැගෙන පළා ගිය බව පොලිසිය කියයි.
කොල්ලකරුවන් ඇඳ ගෙන ආ කළු ඇඳුම් කිහිපයක් එහි දමා ගොස් ඇතැයි ද ඒ ඔස්සේ ග්‍රේරෝගේ සේවය ලබා ගන්නා බව පොලිසිය පවසයි.

