රේල් පීලි සොරකමේ ආ තාවකාලික රථය දුම්රියක ගැටෙයි


(යොහාන් භාසුර,බී.ජී.චතුරංග සහ උපාලි ආනන්ද)

අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී රේල් පීලි සොරකම යෙදී සිටි පුද්ගලයන් ඒ සඳහා යොදාගත් තාවකාලික රථය දුම්රියක ගැටීමෙන් එම දුම්රියට හානි සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

තාවකාලික රථය මගින් නොමැති දුම්රියක මෙසේ ගැටී ඇති බව සඳහන් කළ නිලධාරියා එම අවස්ථාවේදී රේල් පීලි සොරකම යෙදී සිටි පිරිස පලාගොස් ඇති බව ද සඳහන් කළේය.

රේල් පීලි අතර ධාවනය කළ හැකි අදාල රථය දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතයෙන් ඉවත් කළ එකක් බවත් අදාල කණ්ඩායම එම රථය අලුත්වැඩියා කර සොරකම සඳහා පාවිච්චි කර ඇති බවත් එම නිලධාරියා කීය.

එම පුද්ගලයන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

ඡායාරූප බී.ජී.චතුරංග