රේල් පීලි 15 ක් උස්සලා


(යොහාන් භාසුර)

අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉවත්කර තිබූ රුපියල් ලක්‍ෂ ගණනක් වටිනා රේල් පීලි 15 ක් කිසියම් පිරිසක් රැගෙන ගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳව අනුරාධපුර පොලිසියට පැමිණිලි කර ඇති බව කී එම නිලධාරියා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමින් ද පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.