( සුමිත් පොතුපිටිය)
දුම්රිය මාර්ගයේ වාඩිවී සිටී පුද්ගලයකු අද (02) අලුයම ඉන්ධන ප්‍රවාහන කරන දුම්රියේ ගැටී මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව , මොල්ලිගොඩ , ශාන්ත පැට්‍රික් පාරේ පදිංචිව සිටී ගුණසිංහ සමන්ත චන්ද්‍රකුමාර ද සිල්වා නමැති 36 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය පවසයි.
මරදාන සිට මාතර බලා ධාවනයවූ ඉන්ධන ප්‍රවාහන කරන දුම්රියේ මොල්ලිගොඩ ප්‍රදේශයේදී ගැටී මියගොස් ඇති අතර , මෘතදේහය කළුතර උතුර දුම්රිය ස්ථානයට රැගෙන ගොස් තිබේ.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වති .

