රේණුකා හේරත් දිවියෙන් සමුගනී


අරුණ ඩයස්

මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරියක ද වූ රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 72 වැනි වියේ පසු වූවාය.  එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් දේශපාලනයට ආ ඇය වෘත්තියෙන් ගුරුවරියක වූවාය. 1977 මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තු පිවිසෙන ඇය  දිසා ඇමැතිවරියක්, කැබිනට් ඇමැතිවරියක් ලෙස කටයුතු කළාය. .