රේගුවේ දෙන්නෙක් රිමාන්ඩ්


රේගුවේ වාහනවල පැති කණ්නාඩි ගැලවීයැයි සැකපිට රේගු නිලධරයෝ දෙදෙනෙක් ලබන 20 වැනි දා තෙක් කොළඹ අංක හය මහේස්ත්‍රාත් විසින් අද රිමාන්ඩ් කරනු ලැබූහ.

රාජගාරියේ විදුර ප්‍රභාත් වික්‍රමනායක හා ගණේමුල්ල බොල්ලත යූ ඩී එම් ඇන්ටෝනියෝ නිරෝෂන් එම දෙදෙනාය.

කණ්නාඩි ගැලවූ බව කියන පුද්ගලයකුගෙන් ලත් තොරතුරක් අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.