
(රන්ජන් කටුගම්පොළ)
මෙරට දී ණයවර ලිපි විවෘත කර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකා රේගුව මගින් රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව ඇති බව ශ‍්‍රී ලංකා රේගුව අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය.
ශ‍්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් පිරිසක් ගොනුකර තිබු රිට් පෙත්සම් 15 ක් කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීණි.
වාහන ආනයනකරුවන් පිරිසක් ගොනුකර තිබු රිට් පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් ශ‍්‍රී ලංකා රේගුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුලු පිරිසක් නම් කර ඇත.

