රේගුවට විශ්‍රාමිකයෝ ?


රේගු සේවා කයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා පසුගිය වසර තුනක කාලය ඇතුළත සේවයෙන් විශ්‍රාම ගිය රේගු නිලධාරීන් නැවත සේවයට කැඳවීම ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඒ අනුව විශ්‍රාමලත් රේගු නිලධාරීන්ට මේ මස 30 වැනි දා දක්වා ඒ සඳහා අයැදුම් කිරීමට ඉඩ සලසා දී ඇතැයි කී රේගු ප්‍රකාශකයෙක් කොන්ත්‍රාත් පදනම මත සේවයට වාර්තා කිරීම සඳහා අයදුම් කරන විශ්‍රාමික රේගු නිලධාරීන්ට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසු සේවයෙහි යොදවන බවද පැවසීය.

යෝජිත රේගු පනතට විරෝධය පළකරමින් රේගු වෘත්තීය සමිති රැසක් මේ වනවිට අකුරට වැඩ කරයි.