රේගුව ඉක්මන් වීමට සූදානමක්


ආනයනකරුවන් සහ අපනයනකරුවන්ගේ රාජකාරි සඳහා පහසුකම් සැලසීම පිළිබඳව ශ්‍රී ලංකා රේගුව පැත්තෙන් මූලික ගැටලු 02 ක් තිබෙන බව රේගු අධිකාරී අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා පැවසයි. සිද්ද වෙන ප්‍රමාදයන් හා ගෙන යන බඩු පරික්ෂාව සඳහා රඳවා තබා ගන්නා කාලය යන ගැටලු දෙක නිසා ආනයන හා අපනයන බහාලුම් වල විමර්ශන  කටයුතු ඉක්මන් කර මුදා හැරීමට තීරණය කළ බව එතුමා පැවසීය.

එහිදී අදහස් දැක් වූ අධ්‍යක්ෂවරයා නීතිමය ගැටලු නැතිනම් අනිවාර්යයෙන්ම දවස් 03 කදී නිදහස් කරන බවත්, ඊට අමතරව යම් කිසි පරීක්ෂණයක් සඳහා මේ කන්ටේනරයක් නවත්වනු ලැබුවහොත් ඒ සඳහා උපරිම දින 08 කදී සියලු කටයුතු සිදු කර එම කන්ටේනරය නිදහස් කිරීම සඳහා වේගවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කරන බවත් පැවසීය.

ආනයන අපනයන බහාලුම් පිළිබඳ යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව විමසීම සඳහා 011 2470945 දුරකතන අංකයට අමතන ලෙස  ශ්‍රී ලංකා රේගුව ඉල්ලා සිටී.

DSC_7175