ශ්‍රී ලංකා රේගුවේ වෘත්තිය සමිති සන්ධානය විසින් මේ දක්වා ගෙන ගිය අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියා මාර්ගය අද (23) දහවල් සිට අත්හිටවු බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගුව අධ්‍යක්ෂ ධර්මසේන කහඳව මහතා කියයි.
පසුගිය 15 වැනි දා ලෙඩ නිවාඩු දැමීමෙන් ඇරඹූ වර්ජනය 19 වැනි දා සිට අකුරට වැඩ කිරිමේ ක්‍රියාමාර්ගය අද (23) දක්වා පැවැත්විණි.
සාමාන්‍ය සේවා දිනයන් ලෙස සෙනසුරාදා (24) ඉරිදා (25) රාජකාරි කළ යුතු බවත් අතපසු වු ආනයන - අපනයන අංශයන්වල කටයුතු කළ යුතු බවත් ඔහු පවසයි.