
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ කොටුව රේගු මූලස්ථානයේ 3 වන මහලේ තොරතුරු තාක්ෂණ අංශයේ තිබී තිබී ජීව උණ්ඩ දෙකක් හමුවූ බව කොටුව පොලිසිය කියයි.
ටි 56 ජිව උණ්ඩයක් හා බෝර 12 වර්ගයේ ජීව උණ්ඩයක් එහි තිබී හමුවී ඇත.
රේගු මූලස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කොටුව පොලිස් ස්ථානයට ලබා දුන් දුරකථන පණිවුඩයක් අනුව තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර රේගු නිලධාරීන්ගේ විවේක කාමරයේ තිබී එම ජීව උණ්ඩ පොලිසිය මගින් සොයාගෙන ඇත.
මෙම ජීව උණ්ඩ කවුරුන් විසින් රැගෙන ආවාද යන්න සොයා අපරාධ පරීක්ෂණා ගාර නිලධාරින් ඇගිලි සටහන් කාර්යාලයේ නිලධාරින් නිල සුනඛ අංශයේ සහාය ඇති විමර්ශන කටයුතු සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

