රේගු නිලධාරීන්ගේ වර්ජනය අවසන්


(මහින්ද නිශ්ශංක)      
                                   
සිය වැටුප් විෂමතාව ඉවත් නොකිරීමට විරෝධය දක්වා රේගු නිලධාරීන් අද(11) ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.     
                
තම ඉල්ලීම සම්බන්ධව මහ භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා සමඟ කළ සාකච්ඡාවේදී වැටුප් විෂමතාව ඉවත් කරන බවට දුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටවූ බවද සංගමය පවසයි.      
                    
ඒ අනුව අද(11) දහවල් 12 සිට රේගු නිලධාරීන්  සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරතවන බවද සංගමය වැඩිදුරටත් පවසයි.