ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සී එෆ් එස් එක ගුදමේ ඇතිවූ ගින්නෙන් විනාශ වූ භාණ්ඩවල අද (31) වන විට වටිනාකම රුපියල් කෝටි 53.6ක් පමණ වෙතියි එම භාණ්ඩ අයිතිකරුවන්ගේ පැමිණිලිවලින් හෙළි වී ඇතැයි වරාය අධිකාරිය පවසයි.
පසුගිය 24 දා ඇති වූ ගින්නෙන් විනාශ වූ ගුදමේ භාණ්ඩ තැන්පත් කර තිබූ බවට අයිතිකරුවන් 441 දෙනකු අද (31) වන විට පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවත් අධිකාරිය පවසයි.
ගින්න ගැන ලොකු සැකයක් පවතියි.