රේගු ඇස වහන්න බැරිවේ


රුපියල් ලක්ෂ තිස් හතරක් පමණ වටිනා ඇමෙරිකා හා සිංගප්පුරු ඩොලර් සමග ඩුබායි බලා යාමට පැමිණි  ඉන්දියා ජාතික ව්‍යාපාරිකයෙක් (55)  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙදී  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.

රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී. විජේවීර  මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී ඒ.ආර් සේනාධීර මහතාගේ මෙයෙවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, චූලා විජේසුන්දර, සහකාර රේගු අධිකාරීවරුන්වන ලසන්ත පෙරේරා, නුවන් අබේනායක, චන්දිම කරුණාරත්න, නිරෝෂා විජේතුංග සහ අසංක ප්‍රියදර්ශන යන මහත්වරු විමර්ශන කළහ.

රේගු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ගුණවර්ධන මහතා විමර්ශන සිදු කළේය.