රේගු අල්ලස් නඩුවේ සැකකරුවන්ට ඇප නෑ


මෝටර් රථ අමතර කොටස් ආනයනකරුවකුගෙන් රුපියල් කෝටි දොළහමාරක අල්ලසක් ගත්තැයි කියන රේගු නිලධරයන්ට සහය දුන්නැයි කියන රේගුවේ තවත් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කළ බව අල්ලස් කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ ප්‍රකාශ කළේය.

එම දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් කොමිසම මීට කලින් කියා තිබිණ.

සුධීර පරාක්‍රම ජිනදාස,ජගත් ගුණතිලක හා උපාලි පෙරේරා රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෝය.

ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා නඩුව නොවැම්බර් 27 වැනිදාට කල් තැබීය.