රෙජිනෝල්ඩ් කුරේ වැඩ බාර ගනී


උතුරු පළාත්  ආණ්ඩුකාර  රෙජිනෝල්ඩ් කුරේ මහතා අද උදෑසන උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයයේ දී වැඩ බාර ගත්තේය.

ආගමික නායකයෝ ද, උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් ඇතුළු පිරිසක් ද, රාජ්‍ය නිලධාරීහු ද එම අවස්ථාවට එක්වූහ.

උතුරු පලාත් හිටපු ආණ්ඩුකාර චන්ද්‍රසිරි පලිහක්කාර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ජනපති විසින් කුරේ මහතා පත් කරනු ලැබීය. ඔහු බස්නාහිර පළාතේ හිටපු මහ ඇමැතිවරයෙකි. කැබිනට් ඇමැතිවරයකු ලෙස ද ඔහු කටයුතු කළේය.

1081360_733234940147441_143244784_n 10621057_733235013480767_1461280899_n 12721923_733234903480778_1392425150_n 12722067_733234970147438_68669434_n 12722109_733234986814103_1350678470_n 12735797_733234956814106_1567402343_n 12746462_733234976814104_1992202360_n 12746550_733234993480769_135124180_n 12767212_733234936814108_796979981_n 12767356_733234983480770_1010083465_n