රෙජිනෝල්ඩ් කුරේ පත්කරනවාට සිවාජලිංගම් කැමතිලු


උතුරු ආණ්ඩුකාරධූරයට රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කිරීම සම්බන්දයෙන් කිසිදු අකමැත්තක් නැතැයි දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් කියයි.

 රෙජිනෝල්ඩ් කුරේ මහතා පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරයක් මෙන්ම රජයේ අමාත්‍යධූරයක්ද දැරූ අයකු බවත්, ඔහු ආණ්ඩුකාර තනතුර සදහා සුදුසුම අයකු බවත් හෙතෙම පවසයි.

කෙසේ වෙතත් වැඩි කැමත්ත නම් දෙමළ භාෂාව කතා කළ හැකි පුද්ගලයකු උතුරු ආණ්ඩුකාරවරයා ලෙස පත් කරනු දැමීම බව ද සිවාජලිංගම් සඳහන් කරයි.

කුරේ මහතා උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කිරීමට යතියි රජයේ ආරංචි කියයි.