රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය අපේ‍්‍රල් මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 6 ක් සහභාගීවීමට නියමිතය. ශ්‍රී ලංකාව මෙහි සත්කාරකත්වය දරන්ණේ පළමු වතාවටයි.
මින් පෙර පැවති තරගාවලිය දකුණු ආසියානු තරගාවලියක් ලෙස පැවති අතර මෙවර එය ලෝක ශූරතා තරගාවලියක් ලෙස පැවැත්වීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ.
රෙඞ්බුල් කැම්පස් අත්තර් විශ්ව විද්‍යාල විස්සයි/20 දේශීය තරගාවලිය ජයගත් මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම (මොරටුව ශාර්ක්ස්) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට නියමිතය.
ඕස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය නියෝජනය කරමින් විශ්ව විද්‍යාල කණ්ඩායම් 5 ක් මෙම තරගාවලියට සහභාගීවන අතර ඔවුහුද එම රටවල පැවති අත්තර් විශ්ව විද්‍යාල විස්සයි/20 තරගාවලි ජයගනිමින් මෙම තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබාගෙන සිටිති.
ලෝක ශූරතා තරගාවලියේ දිනකදී තරග 2 ක් දිවා කාලයේද, තරග 2 ක් රාතී‍්‍ර කාලයේද පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරගාවලියට සහභාගීවන කණ්ඩායම් 6, කාණ්ඩයකට කණ්ඩායම් 3 බැගින් වන පරිදි කාණ්ඩ 2 කට බෙදා මූලික තරග පැවැත්වේ.
අපේ‍්‍රල් මස 2 වැනිදා සිට 4 වැනිදා දක්වා එක් කණ්ඩායමක් තම කාණ්ඩයේ අනිකුත් කණ්ඩායම් සමගින් දෙවරක් තරග වැදීමට නියමිතය. පළමු වටයේ තරග වලින් වැඩිම ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණයක් හිමිකරගන්නා කණ්ඩායම් හතර, අපේ‍්‍රල් මස 5 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරග සඳහාත්, එම තරග ජයගන්නා කණ්ඩායම් අපේ‍්‍රල් මස 6 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහාත් සුදුසුකම් ලබාගනු ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගීවන මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකා විස්සයි 20 ජාතික කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සහ මැද පෙළ පිතිකරු ලහිරු තිරිමාන්න පත්කර තිබේ.
පසුගියදා කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවති පුහුණු සැසියකටද මෙම කී‍්‍රඩකයන් දෙදෙනා සහභාගීවූ අතර එහිදී ඔවුන් මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායමේ කී‍්‍රඩකයින් සමග තම අත්දැකීම් බෙදාහදා ගැනීමෙන් අනතුරුව ඡයාරූපයකට පෙනී සිටි අවස්ථාව.. මොරටුව ශාර්ක්ස් පිලේ පුහුණුකරු වන නිශාන්ත වීරසිංහ මහතා සහ තරගාවලියේ අධ්‍යක්‍ෂක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතාද ඡයාරූපයේ සිටිති.
(ඡයාරූපය:- ශානුක අරවින්ද)