රූපවාහිනී රාජ්‍ය සම්මාන රැසක් දස්කොන්ට


රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සඳුදා (22) රාත්‍රියේ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී වසරේ හොඳම නළුවා සම්මානය දස්කොන් ටෙලි නාට්‍යයේ ‘දස්කොන් අධිකාරම්‘ගේ චරිතය නිරූපනය කළ රොෂාන් රවීන්ද්‍ර හිමිකරගත් අතර හොඳම නිළිය සම්මානය කවිය නුඹ ටෙලි නාට්‍යයේ ‘පුකුට්ටි‘ ගේ චරිතය නිරූපනය කළ හිමාලි සයුරංගිට හිමිවිය.

හොඳම ප්‍රසාංගික නාට්‍ය අධ්‍යක්ෂක ලෙස දස්කොන් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ජැක්සන් ඇන්තනි සම්මාන දිනූ අතර හොඳම ටෙලි නාට්‍යය වූයේ ද දස්කොන්ය.

ලූෂන් බුලත්සිංහලට වි‍ශේෂ යාවජීව සම්මානයක් ද හිමිවිය.

IMG_9702 IMG_9738 IMG_9765 IMG_9785-(45) IMG_9798-(47) IMG_9884-(56)-Edit IMG_9916-(58)