කොළඹ, යාපනය හා රත්මලානයට විකාශය කැරෙන ටීආර්එන් (ටෙලිවිෂන් ඇන්ඩ් රේඩියෝ නෙට්වර්ක්) සමාගමට වරින් වර පැමිණ තම උපකරණවලට අලාභ හානි සිදු කිරීමට වළක්වන ලෙස ඉල්ලමින් එම සමාගම අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
විදුලි සංදේශ නියාමන කොමිසම, රහස් පොලිසිය හා ජනමාධ්‍ය ඇමතිද එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
බලපත්‍ර ඇතිව පවත්වාගෙන යන තම නාලිකාවේ විකාශනයට රහස් පොලිසියෙන් හා නියාමන කොමිසමෙන් හිරිහැර සිදුවෙතියි පෙත්සමේ සඳහන්වේ.

