අධික ලෙස රූපවාහිනිය නැරඹීමෙන් ළමයින්ගේ මොළයේ ව්‍යුහමය වෙනස්කම් සිදුවී හානිකර තත්ත්වයන් ඇතිවන බව ජපානයේ විශ්වවිද්‍යාලයක කරන ලද පරීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇත.
සෙන්ඩායි නගරයේ පිහිටි ටොහොකු විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් වයස අවුරුදු පහත් 18ත් අතර වයසේ පසුවන ළමයින්ගෙන් 276 දෙනකු යොදාගෙන මේ පරීක්ෂණය සිදුකැර ඇත. මේ අධ්‍යයනයෙන් සොයාගෙන ඇත්තේ ඔවුන් පර්යේෂණයට යොදාගත් ළමයින් දිනකට අවම වශයෙන් පැය හතරක් පමණ රූපවාහිනිය නරඹා ඇති බවයි.
රූපවාහිනිය නැරඹීමේ සාමාන්‍ය අගය පැය දෙකකි. එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ බොහෝ වේලා රූපවාහිනිය නරඹන ළමයින්ගේ මොළයේ සංවේදනය දැනෙන හා චලනයන් සඳහා විධානයන් ලබාදෙන කොටසේ වෙනස්කම් ඇතිවී තිබෙන බවයි. නමුත් මෙවැනි දරුවන් කතා කිරීමට සැලැස්වීමේ දී මේ තත්ත්වය ඉහළ යෑම පාලනය කළ හැකි වූ බව ද පර්යේෂකයෝ කියති.
පර්යේෂකයන් වැඩිදුරටත් පවසන්නේ ළමා කාලයේ දී මොළයේ මෙම කොටස් වර්ධනය වීම කාර්යක්ෂමතාවට බලපාන බවයි. රූපවාහිනිය නැරඹීමෙන් මොළයේ ව්‍යුහමය වෙනසක් සිදුවන බව මීට පෙර අධ්‍යයනයකින් සොයාගෙන නොතිබූ බව ද ඔවුහු කියති. මේ පර්යේෂණයට අනුව රූපවාහිනිය නිතර නිතර නැරඹීම ළමයින්ගේ ඥානාත්මක වර්ධනයට බාධාවකි. මේ ගැන වැඩිහිටියන් වැඩි අවධානයක් යොමු කරමින් තම ළමයින්ගේ අනාගතය යහපත් කළ යුතු බව ද ඔවුහු කියති.





