තම බිරියගේ මරණයට හේතුව බම්බලපිටිය කොස්මෙටික් සර්ජරි රූපලාවන්‍යගාරයේ දැඩි නොසැලකිල්ල යැයි දොස්තර පී ඒ ප්‍රියංගනී මහත්මියගේ (47) මරණ පරීක්ෂණයේ දී ඇගේ සැමියා වන විදුලි ඉංජිනේරු ගාමිණී චන්ද්‍රසේකර (53) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය ඉදිරියේ සාක්කි දෙමින් පැවසීය.
එම රූපලාවන්‍යාගාරයේ පුහුණු සේවකයන් ද සමඟ අවශ්‍ය උපකරණ ද තිබුණේ නම් තම බිරියගේ ජීවිතය බේරා ගත හැකිව තිබිණැයි චන්ද්‍රසේකර මහතා කීවේය.
කොළඹ ළමා රෝහලේ වෛද්‍ය ප්‍රියංගනී පසුගිය 12 වැනි දා මරුමුවට පත් වූයේ මෙම රූපලාවන්‍යාගාරයේ දී බේතක් එන්නත් කිරීමෙන් පසුවය.
කොළඹ වරායේ විදුලි ඉංජිනේරු චන්ද්‍රසේකර මහතා බම්බලපිටිය පොලිසියේ පරීක්ෂක වජිර ධනපාල මහතාගේ මෙහෙයවීමෙන් සාක්කි දුන්නේය.
1996 දී විවාහ වූ බවත්, දරු දෙදෙනකු සිටින බවත් චන්ද්‍රසේකර මහතා කීවේය.
‘අගෝස්තු 12 වැනි දා පස්වරු 2.30ට පමණ මාමණ්ඩියගෙන් ඇමතුමක් ලැබුණා. බිරියට කරදරයක් බවත්, ඩර්ඩ්න්ස් රෝහලට කතා කරන ලෙසත් කිව්වා. රෝහලේ පිළිතුර වූයේ ප්‍රතිකාරවලින් පසුව බිරිය වජිර පාරේ රූපලාවන්‍යාගාරයට ගෙන ගිය බවයි.
එය පිහිටියේ ගොඩනැගිල්ලක හය වැනි මහලේ. එහි දී මට දැක ගත හැකි වූයේ බිරියගේ මළ සිරුරයි. එහි ශල්‍යාගාරය ලෙස පාවිච්චි කළ කාමරය එවැන්නට සුදුසු නැති බව මට තේරුණා.
රූපලාවන්‍යාගාරයේ පිළිගැනීමේ නිලධාරිනිය වන මංගලී ගනේගොඩ සාක්කි දෙමින් මෙසේ කීවාය.
‘හදිසියක දී රෝගියකු ගැන දැනුම් දීම සඳහා රෝහලක දුරකතන අංක මා ළඟ තිබුණේ නෑ. ඩර්ඩන්ස් රෝහලට කතා කළේ රූපලාවන්‍යාගාරයට ආ කෙනෙකුගේ අංකයකින්.
රූපලාවන්‍යාගාරයේ දුලාංජලී මදුමනී සාක්කි දෙමින් මෙසේ කීවාය.
‘මම හෙදියක්. ඒත් කිසිම හෙද පුහුණුවක් නෑ. රත්මලාන කම්කරු සෙවණ වැඩිහිටි නිවාසයේ දී පුහුණුවක් ලබා ගත්තා. වැඩිහිටියන් නෑවීම පිළිබඳවත්, ඔවුන්ගේ ඇඳම් සූදානම් කිරීම පිළිබඳවත් පුහුණුවක් ලැබුවා.
උණ බැලීම හා රුධිර පීඩනය බැලීමටත් දන්නවා. බෙහෙත් ගැන කිසිම දැනුමක් නෑ. දොස්තර ප්‍රියංගනීගේ බෙල්ලට දොස්තර ගමගේ බෙහෙතක් විද්දා.
ඒ සමග ඇයට තදින් කැස්ස ආවා. දොස්තර ගමගේ ඉන් පසු හයිඩ්‍රෝ කෝටිසෝන් හා ඇඩ්රනලින් එන්නත දුන්නා. ‘ රූපලාවන්‍යාගාර හිමිකරු දොස්තර නිමල් ගමගේ අගෝස්තු 25 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

